බදාදා සවස ස්විට්සර්ලන්තයේ උතුරුදිග සූරිච් නගරයට ආසන්න අධීවේගී මාර්ගයක ගමන් කරමින් තිබු සංචාරක බස් රථයක් අනතුරකට ලක්වීමෙන් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
අනතුර නිසා ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකු තුවාල ලද බවත් එක් අයකුට බරපතල බවත් පැවසේ.
ස්විට්සර්ලන්තයේ විදෙස් සංචාරකයින්ට නගර සිරි පෙන්වීම පිණිස ගමන්
කළ මෙම බස් රථය ආසන්නයේ අපරික්ෂාකාරීව ගමන් කළ යතුරුපැදියක ගමන් කරමින් සිටි කාන්තාවක් අනතුරින් බේරා ගැනීමට කළ උත්සාහයකදී ආසන්න ලොරියක මෙම බස් රථය ගැටී මෙම අනතුර සිදුව ඇත.
එම අවස්ථාවේ රථයේ 40 ක පමණ ආසියාතික සංචාරකයින් පිරිසක් ගමන් කර තිබූ අතර ඉන් 15 ක් ශ්‍රී ලාංකිකයින් වූ බවත් අනතුර නිසා තුවාල ලද 12දෙනාම ශ්‍රී ලාංකිකයින් වූ බවත් වාර්තා කර තිබේ.
Apr 19, 2018
ස්විට්සර්ලන්තයේ බස් අනතුරකින් ශ්‍රී ලාංකිකයින් 12 කට තුවාල එක් අයකුට බරපතලයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide