ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයට ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අග්‍රාමාත්‍යවරයා ජයගැනීමත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන වශයෙන් අවලංගු කාසියක් බවට පත්ව තිබෙන බව පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු
ගාමිණී වියන්ගොඩ මහතා ප්‍රකාශ කළේය.
විශ්වාසභංග යෝජනාව අග්‍රාමාත්‍යවරයා ජයගැනීම මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ඒකාබද්ධ විපක්ෂය ලැබූ බරපතල දේශපාලන පරාජයක් බවද ඒ මහතා අවධාරණය කළේය.
විශ්වාස භංග යෝජනාවේ දේශපාලන අවශ්‍යතාවය පිළිබදව විමසූ අවස්ථාවේදී එසේ ප්‍රකාශ කල ගාමිණී වියන්ගොඩ මහතා මෙසේද කීය.
මෙම විශ්වාසභංගය අග්‍රාමාත්‍යවරයා ජයග්‍රහණය කිරීම ජනාධිපතිවරයාගේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේත් දැවැන්ත දේශපාලන පරාජයක් බව එම ක්‍රියාවලියට අදාළ දේශපාලනය පිළිබඳව ගැඹුරින් විග්‍රහ කිරීමේදී පෙනී යනවා. පළාත් පාලන මැතිවරණයෙන් පසුව අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා, රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්නත් ඔහු ධූරයෙන් ඉවත් වුණේ නැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව අගමැතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් තිබුණේත් නැහැ. ඒ නිසා ජනාධිපතිවරයාට සිය අරමුණ ව්‍යවස්ථානුකුලව ඉටුකර ගැනීමට තිබූ එකම විකල්පය වුණේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමයි.
මේ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කළා. ඔවුන් ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා කරීමෙන් පසුව ඇතිකරගත් එකඟතාවයට අනුවයි, මෙම විශ්වාසභංගය ඉදිරිපත් කළේ. ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කල විශ්වාසභංග යෝජනාව අග්‍රාමාත්‍යවරයා ජයගැනීම ජනාධිපතිවරයාගේත් ඒකාබද්ධ විපක්ෂයේත් බරපතළ දේශපාලන පරාජයක් බව අපි කියන්නේ ඒ නිසයි. මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන අවලංගු කාසියක් බවට පත්ව තිබෙන බවත් කිව යුතුයි. විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමෙන් ලැබූ දේශපාලන ජයග්‍රහණය රජය නිවැරදිව කියවාගත යුතුයි. මේ දේශපාලන පණිවිඩය නිවැරදිව තේරුම් ගෙන ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි.
විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ ආණ්ඩුවේ සිටින සියලුම කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් එම ධූරවලින් පහ කිරීම ඉක්මනින්ම කල යුතුයි. අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව පිළිබඳව විශ්වාසයක් නොමැති මේ පිරිස සමග ආණ්ඩුවට ඉදිරි ගමනක් තිබිය නොහැකියි. ඊට පසු ජනවාරි 8 ජන වරමට ගරු කරමින් විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කල යුතුයි. හොරුන් සහ මැරයන්ට එරහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් ඉක්මන් අවශ්‍යතාවයක්. එසේ ක්‍රියා නොකළොත් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් වලට 2020 දී ජනතාව ඉදිරියට යෑමේ හැකියාවක් නැහැ. මේ සත්‍යය නිවැරදිව අවබෝධ කර නොගත්තොත් ආණ්ඩුවේ ඉදිරිය වඩාත් භයානක වියහැකි බවද කිව යුතුයි.
– ජයකාන්ත ලියනගේ
Apr 5, 2018
Home
slide
විශ්වාසභංග පරාජයෙන් ජනාධිපති මෛත්‍රී දැන් අවලංගු කාසියක්..- එක පතේ කෑ පුරවැසි බලය වදාරයි..
විශ්වාසභංග පරාජයෙන් ජනාධිපති මෛත්‍රී දැන් අවලංගු කාසියක්..- එක පතේ කෑ පුරවැසි බලය වදාරයි..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
