16ට අමතරව ශ‍්‍රීලනිප තවත් පළුවක් ගලවාගෙන විපක්‍ෂයේ අසුන් ගන්නවා..- ජෝන් සෙනෙවිරත්න - Neth News Blog

Apr 24, 2018

16ට අමතරව ශ‍්‍රීලනිප තවත් පළුවක් ගලවාගෙන විපක්‍ෂයේ අසුන් ගන්නවා..- ජෝන් සෙනෙවිරත්න

ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ 16 දෙනා එළැඹෙන 08 වැනිදා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

මේ වන විටත් එම තීරණය සම්බන්ධයෙන් දැන්විය යුතු සියළු
පාර්ශවයන්ට දන්වා ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

තම කණ්ඩායම සමග විපක්‍ෂයේ අසුන් ගැනීමට තවත් පිරිසක් එක්වන බවද පවසන සෙනෙවිරත්න මහතා විපක්‍ෂයේ අසුන් ගත්තද ඒකාබද්ද විපක්‍ෂයට හෝ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීම ගැන මේ වන තෙක් තීරණය කර නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.