ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති ධුරය සඳහා වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා යළිත් තරග වදින බවට පැවසුවද ඔහු අධිකරණය ඉදිරියේ තම පවුලට බුකී ව්‍යාපාර ඇතැයි පිළිගැනීම හේතුවෙන් නිලවරණ කමිටුව ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරනු ඇතැයි වාර්තා වේ.
ඒ අනුව තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් මහපුටු සටනින් ඉවතට විසිවනු ඇති බවට හෙළිවේ.
මෙහිදී සභාපති ධුරයට තිලංගගේ අනුප්‍රාප්තිකයා
වශයෙන් මෙන් මොහාන් ද සිල්වා තරග වදින බවට පැවසෙන අතර, ඔහු සභාපති ධුරයට මෙන්ම ලෙකම් ධුරයටද නාමයෝජනා
භාරදීමට නියමිත බවට වාර්තා වේ. මීට අමතරව වත්මන් උපසභාපති කේ. මතිවානන් මහතා තිලංග පාර්ශවයෙන් මෙවරද නාමයෝජනා ලබාදෙන බවට තහවුරු වී ඇති අතර, වත්මන් භාණ්ඩාගාරීක ශම්මි සිල්වා මහතා උපසභාපති ධුරයට සහ ලේකම් ධුරය යන තනතුරු ද්විත්වයටම නාමයෝජනා භාරදීමට නියමිත බවට අනාවරණය වේ.
තිලංග පාර්ශවයෙන් භාණ්ඩාගාරීක තනතුර සඳහා යෝජනා වී ඇත්තේ නුශ්කි මොහොමඩ් මහතා වන අතර, ඒ සඳහා අවසන් තීන්දුවක් පෙරේදා (25)දා සවස් වනතුරුත් රැගෙන නොතිබුණි. මේ අතර තිලංග පාර්ශවයෙන් නාමයෝජනා ඊයේ (26දා) භාරදීමට නියමිත බවද වාර්තා වේ.
Apr 26, 2018
Home
Unlabelled
තිලංග ක්‍රිකට් මුල්පුටු තරගයෙන් ඉවත් කෙරෙන ලකුණු
තිලංග ක්‍රිකට් මුල්පුටු තරගයෙන් ඉවත් කෙරෙන ලකුණු
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
