ශ්‍රී ලංකාවේ පැවැති යුද සමයේදී මෙරට ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කර ඇති වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීම අද (26) සිදු වනවා.
මෙම රථවල සවිකර තිබූ සන්නිවේදන උපාංග සහ වෙනත් වටිනා උපකරණ ගලවා ඉවත් කර ඇති බව සඳහන්. වසර ගණනාවක් පැරණි
මෝටර් රථ අලූත් වැඩියා කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම ද මෙලෙස මුහුදේ ගිල්වා දැමීමට ප්‍රධාන හේතුවක් වනවා.
එම කටයුතු සිදුවන්නේ නාවික හමුදාවේ මැදිහත්වීමෙන්. බටහිර ප්‍රදේශයේ ගැඹුරු මුහුදු තීරයේදී එම කටයුත්ත සිදු කිරීමට නියමිත බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්.එස් රණසිංහ පවසන්නේ.
මෙලෙස ගිල්වා දැමීමට නියමිත මෝටර් රථ සංඛ්‍යාව 07කට ආසන්නයි. ඒවා නාවික හමුදාව වෙත ලබා දෙන්නේ ජනාධිපති කාර්යාලය මගින්.
මෙම වෙඩි නොවදින මෝටර් රථ වෙන්දේසි කළ නොහැකි බවයි නාවික හමුදාපතිවරයා පැවසුවේ. මෙවැනි වාහන ඉවත් කිරීමට ඇති හොඳම ක්‍රමය මෙය බවත් මීට පෙර ද මෙවැනි කටයුතු සිදු කර ඇති බවත් ප්‍රකාශ කෙරුණා.
අමෙරකානු, බ්‍රිතාන්‍ය, රුසියානු සහ ඉන්දීය තානාපති නිලධාරින් භාවිත කළ වෙඩි නොවදින වාහනද මීට පෙර ගිල්වා දමා තිබෙනවා. මෙය ලෝකයේ පිළිගත් නීතියක් බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස.එස් රණසිංහ සඳහන් කළේ.
මීට අමරතව එල්.ටී.ටී.ඊ සංවිධානය සතුව තිබූ වෙලින් නම් වූ නෞකාවද මුහුදේ ගිල්වා දැමීමට නියමිතයි. මෙම නෞකාව වෙන්දේසි කිරීම සඳහා මිල ගණන් කැඳවූ නමුත් ඒ සෑම අවස්ථාවකදීම ඊට හිමිවී ඇත්තේ අඩු ලන්සුවක්. එම නෞකාව ඉකුත්සමයේ නාවික හමුදාවද භාවිත කළ අතර මේවනවිට එහි කල්ඉකුත් වී ඇති බවයි නාවික හමුදාපතිවරයා පැවසුවේ. එබැවින් නෞකාවද මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර තිබෙනවා.
මෙලෙස ගිල්වා දමන ප්‍රදේශයේ කොරල් පර පද්ධතියක් හා මත්ස්‍ය ගහනයක් නිර්මාණය වීමටද මෙය හේතුවක් වන බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස් එස් රණසිංහ නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කියා සිටියේ.
Mar 25, 2018
ශ්‍රී ලංකාවේ ජනපතිවරුන්ගේ ආරක්ෂක රථ මහ මුහුදට බිළිදෙන දවස මෙන්න
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
