පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කල හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා යළි නගරාධිපති කිරීමේ සුදානමක් මේවනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු පොහොට්ටු පක්ෂයේ ප්‍රධානින් සමග පසුගිය දින කිහිපයෙහි රහස් සාකච්ජා වට
කිහිපයක්ම පවත්වා ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජිතයින් 09 දෙනෙකුද, පොහොට්ටු පක්ෂයෙන් නියෝජිතයින් 07 දෙනෙකුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජිතයින් 05 දෙනෙකුද තේරීපත්විය.
පසුගිය පාලන සමයේදී දැඩි රාජපක්ෂවාදියකුව සිටි එවකට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාට වීදි නාට්‍ය කණ්ඩායමකට සහ විපක්ෂ දේශපාලන ක්‍රියාධරයන්ට පහර දීම සහ බිය වැද්දීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ලවිය.
පිස්තෝලයක් අතැතිව සිටි හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු වීදි ප්‍රසංගය පැවැත්වීමට ඉඩ නොදෙන බව පවසමින් දිගින් දිගටම තමාට පහර දුන් බව ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර මහතා එම අවස්ථාවේදී මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණ.
ශ්‍රීලනිපයේ 'ඩබල් ගේම්' !
මේ අතර හම්බන්තොට දිස්ත්‍රීක්කයේ, තංගල්ල නගර සභාවේ පාලන බලය හවුලේ පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානින් එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ජා පවත්වමින් සිටිති.
පොහොට්ටු පක්ෂය සමග එක්ව පළාත් පාලන බලය පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සාකච්ජා මෙහෙයවනු ලබන්නේ අමාත්‍ය එස්.බී. දිසානායක දිසානායක මහතාය.
එහෙත් ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සිය ආධාරකරුවන්ට උපදෙස් දී ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය සමග එක්ව පළාත් පාලන ආයතන වල බලය තහවුරු කරගැනීමට කටයුතු කරන ලෙසයි.
මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී අදහස් දැක්වූ පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියකු පැවසුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂය සමගත් එක්සත් ජාතික පක්ෂය සමගත් වෙන වෙනම රහස් සාකච්ජා පවත්වමින්, කේවල් කරමින් කුමන පක්ෂයකට හෝ 'ජැක්' ගසා උප නගරාධිපති, උප සභාපති ආදී තනතුරු ලබාගැනීමට අවස්ථාවාදී ලෙස කටයුතු කරමින් සිටින බවයි.
මෙම තත්වය තුල පළාත් පාලන ආයතන බහුතරයක තනතුරු හා වරප්‍රසාද ලබාගැනීමට ශ්‍රීලනිපය කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසිය.
Mar 25, 2018
එජාපය දිනු හම්බන්තොට නගරාධිපති ධුරය ශ්‍රීලනිපයේ එරාජ්ට !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide

