පාතාල නායක ‘කුඩු නුවන්‘ අත්බෝම්බයක් සමග අත්අඩංගුවට - Neth News Blog

Mar 25, 2018

පාතාල නායක ‘කුඩු නුවන්‘ අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයෙකු වන කුඩු නුවන් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ගනේමුල්ලේදී ඔහු අත්අඩංගුවට ගනිද්දී අත්බෝම්බයක්ද සන්තකයේ තිබී ඇතැයි පොලීසිය කියයි.

මනුෂ්‍ය ඝාතන, මත්කුඩු ජාවාරම්, ස්ත‍්‍රී දුෂණ චෝදනා ගණනාවක්
සම්බන්ධයෙන් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ කලේ කලක සිටයි.

එවකට ඇමතිව සිටියදී මර්වින් සිල්වා ජාතික රූපවාහිනී සංස්ථාවට කඩාපැන ඇතිකළ කලබගැනීයේදී කුඩු නුවන් ද ඇමතිවරයා සමග සිටින අයුරු වීඩියෝ දර්ශන වල දැකගත හැකිය.

-colombotoday