වතුපිටිවල ආයෝජන කලාපයේ සේවය කළ තරුණියකගේ ගෙල කැපුණු මළ සිරුර වේයන්ගොඩ _ හිරිපිටිය, දියලගොඩ ප්‍රදේශයේ කුඹුරක් අයිනේ තිබී ඊයේ (25දා) උදේ සොයා ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක වූ සඳමාලි
නමැති 25 හැවිරිදි තරුණියක බවට හඳුනාගෙන ඇත.
මේ තරුණිය ගුවන් හමුදා සෙබළකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර ඇය සේවය කරන ආයතනයේ වැඩ පරීක්ෂකවරයකු සමඟද සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
වතුපිටිවල මූලික රෝහල ආසන්නයේ නවාතැන්පොළක නැවතී සිටි බව කියන මෙම තරුණිය ඊයේ (25දා) උදේ 6.30ට පමණ ත්‍රිරෝද රියකින් වේයන්ගොඩ නගරයට පැමිණ ඇතැයිද ඒ අවස්ථාවේදී ඇගේ අනියම් පෙම්වතා බව කියන ඇය සේවය කරන ඇඟලුම් ආයතනයේ පරීක්ෂකවරයාගේ දැනුම්දීම මත දඩගමුව ප්‍රදේශයට ගොස් ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත. ඇගේ රන් දම්වැලක් වැඩ පරීක්ෂකවරයාට ලබා දී තිබී ඇති අතර එය ලබා ගැනීමේ අරමුණින් ඇය ගොස් ඇති බවද පොලිසිය කියයි.
අනතුරුව වැඩ පරීක්ෂකවරයාගෙන් ලැබුණු ඇමතුමක් අනුව ඇය ත්‍රිරෝදයෙන් බැස පා ගමනින් ඔහු හමුවීමට ගොස් ඇතැයිද ඒ යන අතරදී මේ පැත්ත පාළු පෙදෙසක් බව ත්‍රිරෝද රියැදුරා දන්වා ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.
ටික වේලාවක් බලා සිටි ත්‍රිරෝද රියැදුරා තරුණිය සෙවීම සඳහා ඉදිරියට ගොස් ඇත. එසේ යනවිට හමුවූ තරුණයකුගෙන් නංගි කෙනෙක් මේ පැත්තට ගියා හයර් එක ඉල්ලගන්න එයා බලන්න යන බව ප්‍රකාශ කළ පසු එම තරුණයා කුලී මුදල රුපියල් 300ක් ගෙවා එයා එයි යැයි පවසා පිටත්ව ගොස් ඇත. ඒ අවස්ථාවේදී තරුණයාගේ සිරුරේ ලේ ගෑවී තිබෙනු දැකීම නිසා සැක පහළ වූ ත්‍රිරෝද රියැදුරා අසල්වාසීන්ට මේ බව දන්වා පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමට පියවර ගෙන ඇත.
ඒ අනුව කළ සෝදිසියේදී තරුණියගේ සිරුර කුඹුර අයිනේ ඇළ මාර්ගයක් අසල තිබී පොලිසියට හමු වී ඇත. ඇගේ සිරුර මීටර් 25 පමණ දුරකට ඇදගෙන ගොස් දැමූ ලකුණුද දක්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන වැඩ පරීක්ෂකවරයා දඩගමුව ප්‍රදේශයේ නිවෙසේදී අත්අඩංගුවට ගෙන ඔහු ඇඳ සිටි ඇඳුම් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂාවට යොමු කිරීමටද පොලිසිය පියවර ගනු ලැබීය.
ගම්පහ කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල, අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ඉන්දික සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් හා මෙහෙයවීම මත වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිල්වා මහතා ඇතුළු නිලධාරී පිරිසක් පරීක්ෂණ පවත්වති.
Mar 25, 2018
වතුපිටිවල කලාපයේ තරුණියගේ ගෙල කැපු සිරුර වෙල් යායකින් හමුවෙයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
