ඇමතිවරු ටෙලිකොම් හා කරන කුලී මොටර් රථ ඡාවාරමක් ! - Neth News Blog

Mar 25, 2018

ඇමතිවරු ටෙලිකොම් හා කරන කුලී මොටර් රථ ඡාවාරමක් !

ටෙලිකොම් ආයතනයට ප්‍රභල ඇමතිවරුන් කිහිප දෙනෙකු තමන් පාවිචිචකරන වාහන යොමුකර මාසික කුළිය ලබා ගන්නා බව වාර්තා වේ.

කුලී සමාගමකින් එක් වාහනයක් ලබාගෙන එම ආයතනයේ නමින් මෙම වාහන යොමු කර ඇති බවද පැවසේ.

සකියා නම් වු වාහන කුලියට ලබා දෙන ආයතනයක නමින් පී ඊ 8813 හා
පීසී 8608 හා පී ඊ 3301 යන වාහන ලබා ගෙන ඇත්තේ රුපියල් 140,760/- ක මාසික කුළියකටය.

වයඹ ට්‍රේඩර්ස් නමින් කේ වී 6161 වාහනය ගෙන ඇත්තේ රුපියල් 375,750/- ක මාසික කුළියකට බව පැවසේ.

පීනාර් නැමති ආයතනයෙන් සී.ඒ.එම්. නැමති වාහනය ගෙන ඇත්තේ ද රුපියල් 350,000/- ක මාසික කූලියකටය.

බෙන්10 නැමති ආයතනයෙන් ඉහල දේශපාලඥයෙකු රුපියල් 320,000/-ක මාසික කුළියටකට සීඒඒ 1221 නැමති වාහනය කුළියට ගෙන තිබේ.