ඉදිරියේදී බිහිවන නව ආණ්ඩුව ව්‍යවසායකයන් සඳහා සුදුසු පරිසරයක් ඇති කිරීමට ප‍්‍රමුඛත්වය දී කටයුතු කළ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කුරුණෑගල ඊයේ (29) පැවැති සම්මන්ත‍්‍රණයකදීයි.
" ලෝකයේ දියුණු රටවල සෘජු නායකත්වයක් තිබුනත් ඒ නායකත්වය
පිටුපස දියුණුව ගෙනයාමට මුල්වුණු වෘතිකයින් සහ ව්‍යවසායකයින් සිටියා. අපි ඉදිරියේදී ඇති කරන රජයක මේ කරණය පිළිබඳව සුදානම්ව නොසිටියොත් රටේ ජනතාවගේ සිතුම්පැතුම් ඉටුකරන්න හැකියාවක් නැහැ. මේ නිසයි අපට ඉතාමත් වැදගත් වන්නේ ඉදිරි ප්‍රතිපත්ති මොනවාද? ඒ ප්‍රතිපත්ති හරහා අපි මේ රට ගොඩනංවන්නේ කොහොමද යන්න තේරුම් කර දියයුතු යැයි" හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර සිටියා.
අනාගත අභියෝග ජය ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වෘතිකයින් සහ ව්‍යවසායකයන් බල ගැන්වීම වියත්මග සම්මන්ත‍්‍රණ හරහා මේවනවිටත් ආරම්භ කර ඇතැයිද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
Mar 29, 2018
ඉදිරි ආණ්ඩුව ගැන ගෝඨාභයගෙන් හෙළිදරව්වක්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
