උඩරට අමරපුර මහ නිකාය සතු මහනුවර හන්තාන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි පසුගියදා කිසියම් පිරිසක් කඩා බිදදමා විනාශ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඊයේ එහි විමර්ශන චාරිකාවක නිරත උඩරට අමරපුරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති
නාහිමියන්ඇතුළු පිරිසකට පොලීසියෙන් බාධා එල්ලවුණා.
අමරපුර මහ නිකාය සතු මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කිසියම් මැර පිරිසක් විසින් මෙලෙස කඩා බිද දමා විනාශ කර තිබුණේ පසුගිය 16 වැනි දිනයි.
මේ සම්බන්ධව බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමියන් පොලීසියට පැමිණිලි කර තිබුණද මෙම විනාශය කල පුද්ගලයන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම හේතුවෙන් එම ස්ථානය නිරීක්ෂණය කිරීම උඩරට සදහා අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමියන් ඊයේ එම ස්ථානයට වැඩම කළා.
මෙම අවස්ථාවේ කිසියම් පිරිසක් පොලිස් හදිසි ඇමතුම් අංශයට කල පැමිණිල්ලකට අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් අදාල භූමියට ඇතුළළුවූ හේතුව මහනායක හිමියන් ඇතුළු පිරිසෙන් විමසා සිටියා.
Mar 30, 2018
හන්තාන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය විනාශ කර දමයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
