ලංකාවේ ප්‍රධාන පෙළේ අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායකයන් තිදෙනකු වන මාකඳුරේ මධුෂ්, එස්.ටී.එෆ්. නදුන් සහ මාලිගාවත්තේ කුඩුලාල් යන තිදෙනා ඉතාලියේ මිලානෝ නුවර රහසිගත ස්ථානයක සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇති බව පාතාල මර්දන ඒකකය ප්‍රකාශ කර තිබෙනවා.
ඔවුන් තිදෙනා එකතු වී ඔවුන්ගේ ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ දැඩි සැලසුමක් සකස් කරමින් සිටින බවත් පසුගිය කාලයේ කොළඹ සහ දකුණේ සිදුවූ
ඝාතනයන්ද මොවුන්ගේ සැලසුම්වල ප්‍රතිඵලයන් බවත් පවසන පාතාල මර්දන ඒකකය මෙම ප්‍රබල පාතාල සාමාජිකයන් තිදෙනා එකම ස්ථානයකට රැස්වීම මෙරටට දැඩි තර්ජනයක් විය හැකි බවද සඳහන් කරනවා.එසේම පසුගියදා මෙම පාතාල නායකයන් තිදෙනා එකම ස්ථානයක රැස්වීමේ සතුට සමරමින් මත්පැන් සාදයක්ද පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බව සඳහන්.
මේ හේතුවෙන් මෙම පාතාල නායකයන් තිදෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් බුද්ධි අංශවලද සහාය ලබා ගනිමින් අධ්‍යයනය කරමින් සිටින බවද පාතාල මර්ධන ඒකකය ප්‍රකාශ කරනවා.
දකුණේ පාතාල නායකයකු වූ මාකඳුරේ මධුෂ් මීට පෙර ඩුබායිහි සැඟවී සිටි අතර ඔහු දේශපාලන රැකවල් පතා ස්විට්සර්ලන්තයට පලා යෑම සඳහා ඉතාලියට පැමිණ ඇති බවටද පාතාල මර්දන ඒකකය වෙත තොරතුරු ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.
මීට වසර කිහිපයකට ඉහතදී මාලිගාවත්තේ සිය පාතාල බලය පැතිරූ කුඩු ලාල් නමැත්තා මුලින් එංගලන්තයට පැනගොස් තිබුණා. ගම්පහ ප්‍රදේශයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ සගයකු වූ කුඩු ලාල් එංගලන්තයේදී එරට කාන්තාවක සමඟ විවාහ වී සිටින බවත් මීට සති කිහිපයකට පෙර ඔහුද ඉතාලියේ මිලානෝ නුවරට පැමිණ ඇති බවත් පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබී තිබෙනවා. එසේම මධුෂ් සහ කුඩු ලාල් යන දෙදෙනාටම ඉතාලියේ මිලානෝ නුවර සැඟව සිටින එස්.ටී.එෆ්. නුවන් ආරක්ෂාව ලබා දෙන බවද සඳහන්.
Mar 26, 2018
Home
slide
රටම කැළඹූ පාතාල නායකයින් තුන්දෙනෙක් ඉතාලියේදී එක්වී මත්පැන් පාටි දමයි...! ශ්‍රී ලංකාවට විශාල තර්ජනයක්..!
රටම කැළඹූ පාතාල නායකයින් තුන්දෙනෙක් ඉතාලියේදී එක්වී මත්පැන් පාටි දමයි...! ශ්‍රී ලංකාවට විශාල තර්ජනයක්..!
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
