ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 20 වනදා පැවැත්වෙනු ඇති බවට වාර්තා වනවා. එහි වත්මන් සභාපති තිලංග සුමතිපාල ප්‍රමුඛ පාර්ශ්වය ඒ සඳහා මෙවරත් තරග වැදීමට නියමිත බවයි වාර්තා වුණේ.
2016 වසරේ පැවති ක්‍රිකට් නිලවරණයේදී තිලංග සුමතිපාල සමගින්
සභාපති ධුරයට තරග වැදුණේ නිශාන්ත රණතුංගයි. එහිදී ඡන්ද 88ක් ලබා ගනිමින් තිලංග සුමතිපාල සභාපති ධුරයට තේරී පත් වුණා. නිශාන්ත රණතුංගට එහිදි හිමි වූයේ ඡන්ද 56ක් පමණයි.
මෙවර ක්‍රිකට් නිලවරණය සඳහා වන විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (27) පැවැත්වීමට නියමිත බවද වාර්තා වනවා.
නිලවරණය පැවැත්වීමට සති 4කට පෙර නාමයෝජනා භාර ගැනීම ආරම්භ කෙරෙන අතර එය අවසන් වන්නේ නිලවරණය පැවැත්වෙන දිනට සති දෙකකට පෙරයි. වසර දෙකක කාලයක් සඳහා මෙහිදී නිලධාරීන් තෝරා පත් කර ගැනීමට නියමිතව තිබෙනවා.
මේ අතර මෙවර ක්‍රිකට් නිලවරණය සඳහා ඉදිරිපත් වන්නේ දැයි එහි හිටපු ලේකම්වරයෙකු වූ නිශාන්ත රණතුංගගෙන් විමසීමක් කළා. ඔහු එහිදී කියා සිටියේ තවමත් ඒ පිළිබඳව කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
ඉකුත් ක්‍රිකට් නිලවරණයේදී තිලංග සුමතිපාල හිමිකර ගත් ඡන්ද 88 , මෙවර වැඩි කර ගැනීමට හැකි වනු ඇති බවයි එම පාර්ශ්වයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.
Mar 26, 2018
ක්‍රිකට් නිලවරණය ගැන ඉඟියක්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
