එජාපයට අලුත් නායකයන් විස්සක් සූදානම්..- අගමැති - Neth News Blog

Mar 29, 2018

එජාපයට අලුත් නායකයන් විස්සක් සූදානම්..- අගමැති

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරියට ගෙන යා හැකි නායකයින් විසි දෙනකු පමණ තමන් මේ වන විට හදුනාගෙන සිටින බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කරයි.

පක්ෂය ගොඩනගා එය ජයග්‍රාහී මාවතට ගෙන ඒම සදහා එම
නායකයින්ට පක්ෂය භාර දීමට තමන්ට උවමනා බවත් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත මූලස්ථානයේදී ඊයේ දිනයේ රැස්වුනු අවස්ථාවේදීය.

එම හමුවේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව පරාජයට පත් කිරීමටයි.