2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස නියමිත ස්ථානයේ විභාග අංකය නිවරැදිව ඇතුළත් කිරීමෙන් එම ප‍්‍රතිඵල ලබාගත හැකි බවයි.
2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 6 ලක්ෂ 80,000කට
වැඩි පිරිසක් පෙනී සිටියා. ඔවුන්ගෙන් සියයට 73ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. අයදුම්කරුවන් 9960 දෙනෙකු විෂයන් නවයටම සාමාර්ථ ලබාගෙන තිබෙනවා.
සමස්ත ලංකා මට්ටමින් හොඳම ප‍්‍රතිඵල සැලකීමේදී ඉදිරියෙන්ම සිටින15 දෙනාගෙන් 12 දෙනෙකුම බාලිකාවන්. කොළඹ දිස්ත‍්‍රික්කයට 05ක්, ගම්පහට සහ මහනුවරට 03 බැගින්ද මාතර දිස්ත‍්‍රික්කයට 02ක් සහ රත්නපුරයට සහ යාපනයට 01 බැගින් මෙම හොඳම ප‍්‍රතිඵල 15 බෙදීගොස් තිබෙනවා.
ප‍්‍රථම ස්ථානලාභීන් 06 දෙනෙකු සිටීම 2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵලවල තවත් විශේෂත්වයක්. ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙකු ඒ අතර සිටිනවා. ඒ, කසුනි හංසනා තත්සරණි සෙනෙවිරත්න සහ චමෝදී රවීසා සුබසිංහයි. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නවෝද්‍යා ප‍්‍රභාවි රණසිංහ සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ලිමාෂා අමන්දි දිව්‍යාංජනා විමලවීර ද ප‍්‍රථම ස්ථාන ලබාගෙන තිබෙනවා.
මාතර සුජාතා විද්‍යාලයේ රන්දි ලක්ප‍්‍රියා සහ රත්නපුර සීවලී මධ්‍ය මහ විද්‍යාලයේ කවීෂ ප‍්‍රතිභාත් අනෙක් ප‍්‍රථම ස්ථාන ලාභීන් දෙදෙනායි.
මේ අතර ප‍්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය නම් ඒ සඳහා 1911 ක්ෂණික අංකය ඇමතීමෙන් ලබාගත හැකි වනවා.
Mar 28, 2018
දිවයිනේ ප්‍රථම ස්ථාන 6ක් සමගින් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide


