මහජනයා සතුව ඇති, අකුරු, ඉලක්කම් ලිවීමෙන්, ඉරි ඇදීමෙන් සහ වෙනත් අනවශ්‍ය දේ ලිවීමෙන් විකෘති කරන ලද මුදල් නෝට්ටු වාණිජ බැංකු වෙත බාරදී ඒ වෙනුවට පිරිසිදු මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා දී තිබූ කාලය මාර්තු 31 දිනෙන් පසු අවසන් වන අතර කුමන හේතුවක් නිසාවත් එම දිනය දීර්ඝ නොකරන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.
එසේ සිතා මතා විකෘති කරන ලද මුදල් නෝට්ටුවක් මාර්තු 31 වැනිදායින්
පසු ගනුදෙනු කරුවකු සතුව තිබුණහොත් එහි පාඩුව විද දරා ගැනීමට සිදුවන්නේ එම ගණුදෙනු කරුටම බැවින් මාර්තු 31 දාට පෙර තමන් සතුව එවැනි නෝට්ටු තිබේනම්, වාණිජ බැංකුවලට ලබාදී පිරිසිදු නෝට්ටු ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකරී, දීපා සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.
1949 අංක 58 දරණ මුදල් පනතේ 85 ( ඊ) රෙගුලාසිය අනුව මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් නෝට්ටුවක් කිසිවකු විසින් විකෘති කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.
නෝට්ටුවේ අනුක්‍රමික අංකය, අත්සන, නිකුත් කළ දිනය, දිය සළකුණ යන මුදල් නෝට්ටුවක තිබිය යුතු ලක්ෂණ වලට හානි පැමිණ තිබේනම් එය භාවිතයෙන් ඉවත් කළ යුතු බවද සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළාය.
විකෘති කළ මුදල් නෝට්ටු මාරු කර ගැනීමේ දිනය මාර්තු 31 ලෙස දක්වා තිබුණද ගංවතුර , ගිනි ගැනීම් වැනි ස්වාභාවික ආපදා හෝ දෛනික භාවිතයේ දී හානි සිදුවන මුදල් නෝට්ටු එලෙස මාරු කර ගැනීමට නිශ්චිත දිනයක් නොමැත. ඒවා ඕනෑම දිනයක ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කිරිමෙන් මාරු කර ගත හැක.
ATM යන්ත්‍රයකින් විකෘති කළ නෝට්ටුවක් ලැබුනොත් :
එහෙත් ඒ. ටී. එම්. යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමේදී විකෘති කළ නෝට්ටුවක් ගණුදෙනු කරුවෙකුට ලැබුණහොත් එහි වගකීම පැවරෙන්නේ අදාළ බැංකුවටය.
මුදල් ලබා ගැනීමේදී එවැනි නෝට්ටුවක් හසු වුවහොත් කළ යුත්තේ විකෘති කර ඇති හෝ හානියට පත් වී ඇති එම මුදල් නෝට්ටුව ඒ. ටී. එම්. යන්ත්‍රයේ සවි කර ඇති කැමරාව වෙත දර්ශනය කර අදාළ බැංකුව වෙත ගෙන ගොස් දී ඒ වෙනුවට පිරිසිදු නෝට්ටුවක් ලබා ගැනීම බවද සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.
Mar 27, 2018
Home
Unlabelled
විකෘති කළ මුදල් නෝට්ටු මාර්තු 31 දිනෙන් අවසන්
විකෘති කළ මුදල් නෝට්ටු මාර්තු 31 දිනෙන් අවසන්
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
