අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග වහාම ශ‍්‍රී ලංකාවට.. - Neth News Blog

Mar 27, 2018

අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග වහාම ශ‍්‍රී ලංකාවට..

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන අබුඩාබිහි රදවා සිටින රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග හැකි ඉක්මනින් ශ‍්‍රී ලංකාවට ගෙන ඒම සදහා කටයුතු සූදානම් වෙමින් ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

ජාත්‍යන්තර රතු වරෙන්තුව අනුව ඩුබායි පොලිසිය
විසින් උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා දිනයේය.

කෙසේ වෙතත් මෙම අත්අඩංගුව ගැනීම ගැන ශ‍්‍රී ලංකාවට නිල වශයෙන් දන්වා නැතත් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මේ බව තහවුරු කර ඇතැයිද පොලීසිය කියයි.