දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්‌ට් තරග දෙක පරාජයවීම හේතුවෙන් ශ්‍රී ලංකාව ටෙස්‌ට් ශ්‍රේණියේ හත්වැනි ස්‌ථානයේ පසුවන අතර තෙවැනි ටෙස්‌ට් තරගයේ විසඳුමකින් තොරව අවසන් කරගතහොත් ශ්‍රී ලංකාවට දැනට තිබෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව (96) එලෙසම පවත්වා ගැනීමට හැකි වනු ඇත. දකුණු අප්‍රිකානු සංචාරය අරඹන විටත් ශ්‍රී ලංකාව හත්වැනි ස්‌ථානයේ පසුවිය.
අනිද්දා (12 දා) ජොහැන්නස්‌බර්ග් හිදී ආරම්භ වන තෙවැනි ටෙස්‌ට් තරගය ශ්‍රී ලංකා පිලට ඉතා වැදගත් වනුයේ එම තරගය යම් හෙයකින් ජය ගැනීමට හැකි වුවහොත් තව ප්‍රසාද ලකුණක් හෝ දෙකක් සමගින් ටෙස්‌ට් ශ්‍රේණියේ පියවරක් ඉහළ නැගීමේ අවස්‌ථාවක් පවතින හෙයිනි.
යම් හෙයකින් තරගය පරාජය වුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව තවත් අඩුවීමෙන් ශ්‍රී ලංකාවට ඉහළ නැගීම සඳහා ඉදිරියේදී ටෙස්‌ට් තරග විශාල සංඛ්‍යාවක් එක දිගට ජය ගත යුතුවේ.
දැනට නවසීලන්තයද ප්‍රසාද ලකුණු 96 ක් ලබා ශ්‍රී ලංකාව සමග සම තත්ත්වයේ පසු වුවද ඔවුන් ශ්‍රී ලංකාවට වඩා පියවරක් ඉදිරියෙන් හයවැනි ස්‌ථානයේ පසුවේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ටෙස්‌ට් කණ්‌ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මෙතෙක් ඉහළ නොගියද ක්‍රීඩකයන් ලෙස සුරංග ලක්‌මාල් සහ ළහිරු කුමාර දැක්‌වූ දක්‍ෂතා හේතුවෙන් ශ්‍රේණියේ ඉදිරියට පැමිණ තිබේ. ළහිරු කුමාර මේ වන විට ටෙස්‌ට් තරග තුනකට සහභාගි වී තිබේ. ඔහු දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි ටෙස්‌ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 122 කට කඩුලු හයක් දවා ගැනීම හේතුවෙන් පන්දු යවන්නන්ගේ ශ්‍රේණියේ 67 වැනි ස්‌ථානය දක්‌වා ඉහළ නැග තිබේ.
ශ්‍රී ලංකා පිලේ පළපුරුදුම වේග පන්දු යවන්නා වන සුරංග ලක්‌මාල් දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්‌ට් තරග දෙකේදී දැනට කඩුලු 12 ක් ලබා ගැනීම හේතුවෙන් 36 වැනි ස්‌ථානයේ සිට 30 වැනි ස්‌ථානය දක්‌වා උසස්‌වීම් ලබා තිබේ. 'මේක මගේ ටෙස්‌ට් ජීවිතයේ හොඳම තරගාවලියයි. මගේ ඉලක්‌කය තිබුණේ තරගාවලියේදී කඩුලු 15 ක් ලබා ගන්න. මම හිතනවා ඒ ඉලක්‌කයට මට එන්න පුළුවන් කියලා' යනුවෙන් ලක්‌මාල් පවසා තිබේ.
Jan 10, 2017
ටෙස්ට් Ranking වල ලංකාවට වෙන දේ
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News

