හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ලබාගෙන ඇතැයි පැවසෙන මල්වාන - මාපිටිගම ප්‍රදේශයේ පිහිටි අක්කර 16ක ඉඩමේ තක්සේරු වාර්තාව අධිකරණය වෙත ලැබී තිබෙනවා.
ඒ අනුව අධිකරණ නිලධාරීන් ගොස් මෙම ඉඩම පරීක්ෂා කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඉල්ලා අධිකරණ අමාත්‍යාංශය වෙත අදාල වාර්තාව යොමු කර ඇති බවයි මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ.
මෙම ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝගයක් ද නිකුත් කර තිබුණා.
ගම්පහ - මල්වාන - මාපිටිගම ප්‍රදේශයේ පිහිටි අක්කර 16ක ඉඩමක් මිලදී ගැනීම සහ එහි නිවසක් ඉදි කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ගොනු කළ නඩුව අද කැදවනු ලැබුවේ පූගොඩ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නිලූපුලී ලංකාපුර හමුවේයි.
මෙම නඩුව මගින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ ඔහුගේ ඥාතියෙකු වන තිරුකුමාරන් නඬේෂන්ට චෝදනා එල්ල වනවා.
අද පෙරවරුවේ නඩුව කැදවූ අවස්ථාවේදී තිරුකුමාරන් නඬේෂන් පමණක් අධිකරණයේ පෙනී සිටි අතර, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතවීම හේතුවෙන් අධිකරණයට පැමිණියේ නැහැ.
මේ අතර, මෙම ඉඩම සම්බන්ධයෙන් අධිකරණයට ලැබී ඇති තක්සේරු වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමටද මහේස්ත්‍රාත්වරිය අවසර ලබාදුන්නා.
එමෙන්ම තම සේවාදායකයාට සති 06ක කාලයක් විදේශගතවීමට අවසර ලබාදෙන ලෙස විත්තිකාර තිරුකුමාරන් නඩේෂන්ගේ නීතිඥවරයා කළ ඉල්ලීමට අධිකරණයෙන් අවසර ලබාදී තිබෙනවා.
මෙම නඩුව අප්‍රේල් මස 25 වැනිදා යලි කැදවීමට නියමිතයි.
Jan 10, 2017
බැසිල්ගේ නම ඈදුණු මල්වානේ ඉඩම් වාර්තා අධිකරණයට
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
