පොල් කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට නැතිවම බැරි දෙයක්. ලංකාවේ ප්‍රධාන ආහාරය බත් වීම සමගම පොල් නැතිවම බැරි දෙයක් බවට පත් වෙනවා. පොල් ගහ කප්රුක විදියට හදුන්වන්නේ මෙවන් වටපිටාවකයි. කොහාම උනත් මේ දවස්වල පොල් මිල හොදටම වැඩි වෙලා. පොල් ගෙඩියක් රුපියල් 70-80 ක් විතර වෙනවා. ජීවන වියදම අහස උසට නැගල තියෙන වෙලාවක පොල් මිලත් මේ විදියට ඉහළ යාම ගහෙන් වැඩුන මිනිහට ගොනා ඇන්න වගේ වැඩක්.
පොල් මිල මේ තරමට ඉහළයාම ගැන අපි ටිකක් හොයල බලන්න හිතුවා. ඒ නිසාම අපි මේ ගැන පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකඳවල මහතාට කතා කළා. පොල් මිල ඉහළයාමට සෘජුවම හේතුවක් ඉදිරිපත් කිරීම අසීරු බවයි ඒ මහතා කියා සිටියේ.
අලුත් ට්‍රෙන්ඩ් එක පොල්
''පෑවිල්ල නිසා පොල් ඵලදාව අඩු වීමත් එක හේතුවක් වෙන්න පුළුවන්. පසුගිය වසරේ නම් පොල් නිෂ්පාදනය ඉතා ඉහළින්ම පැවතුණා. කොහොම උනත් මේ වන විට පොල් සදහා තියෙන ඉල්ලුම ගොඩක් වැඩියි. දේශීයව මෙන්ම විදේශීයවත් පොල් පරිභෝජනය ඉහළ ගිහින් තියෙනවා. වෙනත් නිෂ්පාදන මෙන් නොව පොල් සෞඛ්‍යයට හිතකර බවට පළවී ඇති ධනාත්මක අදහස් නිසාම පොල්වලට විශාල ඉල්ලුමක් ඇති වෙලා.''
වර්ෂ 2020 වන විට ලංකාවේ පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3600 කින් වැඩි කිරීම යන්න පොල් වගාකිරීමේ මණ්ඩලයේ ඉලක්කයකි. ඒ සදහා අලුත් පොල් වගාවන් ඇති කිරීම, දැනට ඇති වගාවන් සදහා යටි වගාවන් ඇති කිරීම ආදී ව්‍යාපෘති ක්‍රියාවට නංවනු ලැබේ.
වසරකට පොල් අක්කර 10,000ක ඉල්ලකයකට යාම දීර්ඝ කාලීන ඉලක්කයක් ලෙස පවතී. මෙයට අමතරව පොල් ඉඩම් පුනරුත්තාපනය ආදී වැඩසටහන් , කෘමි හානි අවම කිරීම ආදියෙන් කෙටිකලකින් වැඩි ප්රතිලාභ ලබා ගැනීම කෙරේ අවධානය යොමු කරන බව හෙතෙම කියා සිටියි.
ඉදිරයේ දී නියඟයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සදහාද සැලසුම් සකස්කරන බවත් පාංශු සංරක්ෂණය පිළිබද ක්‍රියාමාර්ග ගැනීම සමඟම භූගත ජලය පිලිබද සමීක්ෂණයක් ද සිදුකරන බවත් කපිල යකඳවල මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඇපල් මිල පහළට
මේ දිනවල පොල් මිල ඒ තරම් ඉහළ යද්දී ඇපල් මිල ඉතා සීඝ්රයෙන් පහළ බැහැලා. ඇපල් ගෙඩි 4 ක්ම රුපියල් 100කට ගන්න පුළුවන් තරමට ඇවිල්ලා. කොහොම උනත් පොල් වෙනුවට ඇපල් කන්න බැරි වීම තමයි ගැටළුව.
-මාලි-
Jan 10, 2017
ඇපල් වගේ ද පොල්
Tags
# Enghish News
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
hot news,
Sinhala News
