GSP+ නැති වුනාට රටට පාඩු නෑ – මහින්ද - Neth News Blog

Jan 22, 2017

GSP+ නැති වුනාට රටට පාඩු නෑ – මහින්ද

ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළි ලබා ගැනීම සඳහා යුරෝපා කොමිසම ඉදිරිපත් කළ සියලු කොන්දේසිවලට ආණ්ඩුව එකඟ වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ද ආණ්ඩුව එකඟතාව පල කර ඇති බවයි.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ දී ඊයේ (22) පැවති ජාතික නිදහස් පෙරමුණේ විශේෂ මහ සමුළුවට එක්වෙමින්.
තම පාලන සමයේ ජී.එස්.පී. සහනය නොලැබීමෙන් රටට කිසිදු අලාභයක් සිදුනොවූ බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.