විමල් එකකින් නිදහස් වෙයි - Neth News Blog

Jan 22, 2017

විමල් එකකින් නිදහස් වෙයි

විමල් වීරවංශ මහතාට එරෙහිව හිටපු යුදහමුදා නිලධාරියකු වූ වසන්ත පෙරේරා විසින් පවරා තිබූ අපහාස නඩුව කො‌‌ළඹ දිසා අධිකරණය හමුවේ වසර ගණනාවක් විභාග වූ අතර අවසානයේ තීන්දු වූයේ විමල් වීරවංශ මහතා නිවැරදිකරු බවයි.

අනතුරුව එම තීන්දුවට එරෙහිව අදාල හමුදා නිලධාරියා විසින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම අභියාචනයෙන් ද පසුගියදා විමල් වීරවංශ මහතා ජයග්‍රහණයකර තිබේ.
මෙම තීන්දුව අභියාචනාධිකරණය විසින් ලබා දී ඇ‌ත්තේ ඔහු සිරගතකර සිටියදී වීම විශේෂත්වයකි.