ෆවුසිගේ නඩුවට දින නියම වෙයි - Neth News Blog

Jan 22, 2017

ෆවුසිගේ නඩුවට දින නියම වෙයි

ආපදා කළමනාකරණ අමාත්‍යංශයට අයත් වාහනයක් පුද්ගලික පරිහරණය සඳහා යොදා ගනිමින් රජයට රුපියල් දස ලක්ෂයකට අධික අලාභයක් සිදු කළ බවට චෝදනා මත හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතාට එරෙහි නඩුවක් අද(23දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබුණි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ෆවුසි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් වී නැත.
ඒ අනුව අදාළ නඩුව සම්බන්ධයෙන් සාක්ෂි විභාගය අප්‍රේල් මස 05 සහ 06 දිනවල සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර තිබේ.