සමලිංගික විවාහ ජනපති ප්‍රතික්ෂේප කරයි - Neth News Blog

Jan 17, 2017

සමලිංගික විවාහ ජනපති ප්‍රතික්ෂේප කරයි

ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් සමලිංගික විවාහ නීතිය ඇති කිරීමේ යෝජනාව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් යෝජනාවලින් රටට ක්‍රියාත්මක කිරීමට නොහැකි යෝජනා ක්‍රියාත්මක නොකිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවද අබේවර්ධන මහතා පවසා සිටියේය.
මේ අනුව සමලිංගික විවාහ නීතියෙන් නීතිගත කිරීමේ යෝජනාව මේ වනවිටත් ඉවත් කරදැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

ජී.එස්.පී. ප්ලස් බදු සහනය හිමිව තිබෙන්නේ වර්තමාන ආණ්ඩුව රට තුළ ඇතිකළ මානව හිමිකම සුරැකීම, ප්‍රජාත්‍රන්තවාදය ඇතිකිරීම යන කරුණු මත බවත් මේ නිසා ක්‍රියාකාරී සැලැස්ම එතරම් වැදගත් නොවන බවත් එහි සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමේ හා නොකිරීමේ අයිතිය අප රට සතු බවද රාජ්‍ය අමාත්‍යවරයා අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.