සීගිරි කුරුටු ගී නොපෙනී යයි - Neth News Blog

Jan 18, 2017

සීගිරි කුරුටු ගී නොපෙනී යයි

පුස් විශේෂයක් ව්‍යාප්ත වීම හේතුවෙන් සීගිරිය කැටපත් පවුරට බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.

මෙම පුස් කැටපත් පවුරේ ස්ථාන කිහිපයක පැතිරී ඇති අතර ඒ හේතුවෙන් ඒ මත ලියා ඇති කුරුටු ගී නොපෙනී යන තත්ත්වයක් ද උද්ගතවී ඇත.

එම පුස් ඉවත් කිරීම අද ආරම්භ කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසී ය.
කැලණිය විශ්වවිද්‍යාලයේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහය ද වැඩපිළිවෙළට හිමිව ඇති බවත් සීගිරියේ චිත්‍ර පවතින පරිශ්‍රයේ ගුහා කිහියක ද පුස් විශේෂයක් ව්‍යාප්තව ඇති බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

ඒවා ඉවත් කිරීම ද මීට සමගාමීව සිදු කෙරෙන බව ඔහු පැවසී ය.