සීමා නිර්ණය වාර්තාවට එජාපය අත්සන් කරයි - Neth News Blog

Jan 17, 2017

සීමා නිර්ණය වාර්තාවට එජාපය අත්සන් කරයි

සීමා නිර්ණය අභියාචනා කමිටුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිත ජ්‍යෙෂ්ඨ නිතිඥ අබ්දුල් සත්තාර් එම්. මිස්බා මහතා මීට සුළු මොහොතකට පෙර සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාවට අත්සන් තබා ඇතැයි වාර්තාවේ.

පළාත් පාලන කොට්‌ඨාස සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාව අද (17) සවස පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා වෙත බාරදෙන බව සීමා නිර්ණ කමිටුවේ සභාපති අසෝක පීරිස්‌ මහතා ප්‍රකාශ කළේය.
මේ වනවිට කමිටුවේ සභාපති වන තමා හා සිවුදෙනකු වාර්තාවට අත්සන් කර තිබෙන නිසා එක්‌සත් ජාතික පක්‌ෂ සාමාජික මිස්‌බාර් මහතා අත්සන් නොකළ ද කමිටු වාර්තාව අද (17) බාරදීමට කටයුතු කරන හෙතෙම සඳහන් කර තිබණි.

වාර්තාව බාරදීමෙන් පසු ඒ පිළිබඳව ප්‍රකාශයක්‌ කිරීමට ද තමා අදහස්‌ කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.