පාතාලය යළි හිස ඔසවයි ? හෝමාගමදී තවත් ඝාතනයක් - Neth News Blog

Jan 18, 2017

පාතාලය යළි හිස ඔසවයි ? හෝමාගමදී තවත් ඝාතනයක්

හෝමාගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

මීට ටික වේලාවකට පෙර හෝමාගම, පිටිපන මාර්ගයේ හෝමාගම දුම්රිය ස්ථානය අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව වාර්තා වෙයි.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව හෝමාගම පොලීසිය සඳහන් කරයි.
මේ අතර ඊයේ (17) රාත්‍රියේ අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. වෙඩි ප්‍රහාරයට ලක් වූ තැනැත්තා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ රියදුරෙකු වූ පුද්ගලයෙකු බව වාර්තා විය.

අතුරුගිරිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක රැදී සිටියදී ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇත.

කෙසේ වුවද හෝමාගම සහ ඒ අවට ප්‍රදේශයේ ඊයේ සහ අද ස්ථාන දෙකකදී සිදුවූ වෙඩි තැබීම් හේතුවෙන් පාතාලය යළි හිස ඔසවා ඇතැයි ප්‍රදේශවාසීහු සැක පළ කරති.