යුද සමයේ තිබූ සටන් මෙන් ලංගම හා පෞද්ගලික බස් අතර පවතින යුද්දය අවසන් කිරීමට කාලය එලඹී ඇති බවත් උතුරු පලාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද දැනට ලබා දුන් බලයටද අවශ්‍ය දේ නියමිත වෙලාවට සිදු කරගෙන නොමැති බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් රුපියල් මිලියන 195ක වියදමින් උතුරු පලාතේ ඉදිකරන ලද පළමු බස් නැවතුම්පල වූ වව්නියාවේ බස් නැවතුම්පල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා වැඩි දුරටත් කියා සිටියේ
“යුද්දේ කාලේ ආරක්ෂක අංශත් කොටි සංවිධානයත් අතර පැවති ගැටුම් වගේ ලංගම බස් හා පෞද්ගලික බස් අතර විවිධ ගැටුම් තියෙනවා. දැන් මේ ගැටුම් අවසන් කරන්න ඕන කාලය එලඹිල තියෙන්නේ. ඒ නිසයි මේ විදහට එකම බස් නැවතුම්පලක එක් පැත්තක ලංගම බස් රථ සඳහාත් අනෙක් පැත්තෙන් පෞද්ගලික බස් රථ සඳහාත් වෙන් කරල තියෙන්නේ මෙයයි මේ රජයේ සංහිදියාව මෙමගින් පවතින ගැටලු නවත්තන්න පුලුවන්.
විශේෂයෙන්ම මම විශේෂ අඩුපාඩුවක් දකිනවා උතුරු පලාත් සභාවේ ඔබ හැම විටම වැඩි වැඩියෙන් බලය ඕන කියල ඉල්ලනවා ඒක සාධාරණයි ඔබේ පැත්තෙන්. නමුත් ඔබට දැන් ලබා දී තිබෙන බලය තුලවත් ඔබට අවශ්‍ය දේ නියමිත වෙලාවට ඉටුකරගෙන නැහැ. කිරි ඉල්ලනවා කිරිබෝතලේ දෙනවා දත් කටේ ගහනවා නමුත් බොන්නෙ නැහැ එනිසා අපි ඉතා ඕනෑකමින් ඉල්ලනවා අපේ ජනාධිපති තුමන් ඇතුලු රජයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා.“ යැයිද ඇමැතිවරයා පැවසී ය.
මෙම අවස්ථාවට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.මස්තාන් ඇතුලු පලාත් සභා මැති ඇමතිවරුන් හා ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ඇතුලු නිලධාරීන්ද වව්නියාව දිසාපති එම්.බී.පුෂ්පකුමාර යන අය සහභාගී වී සිටියහ.
Jan 18, 2017
ඇමති නිමල් උතුරු පලාත් සභාවට දෙහි කපයි
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
