රජයේ තොරතුරු දීමට මුදල් අයකරන්න යෝජනා - Neth News Blog

Jan 12, 2017

රජයේ තොරතුරු දීමට මුදල් අයකරන්න යෝජනා

රජයේ අමාත්‍යංශයන්හි තොරතුරු ලබාදීමට මුදල් අය කිරීමේ සම්බන්දයෙන් ඊයේ හා පෙරේදා රැස්වූ තොරතුරු කොමිසම සාකච්ඡා කර ඇත.

රජය විසින් එන මාසයේ සිට තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්දයෙන් වූ රෙගුලාසි පැනවීම ගැනද මෙහිදී සාකච්ඡා වී තිබේ.

ගාස්තු අයකිරීමට යෝජනා වී ඇත්තේ කිසියම් තොරතුරක් ඉල්ලා සිටි අවස්ථාවකදීය.
මේ පිලිබදව අවසන් එකගතාවයට පැමිණ නැති අතර යලි රැස්වී තීරණයක් ගැනීමට නියමිතය.