සහල් කිලෝව රුපියල් පහකින් අඩු කරනවා – ඩඞ්ලි සිරිසේන - Neth News Blog

Jan 12, 2017

සහල් කිලෝව රුපියල් පහකින් අඩු කරනවා – ඩඞ්ලි සිරිසේන

එන පෙබරවාරි මැද සතියෙන් පසු රටතුල සහල් තොග මිල කිලෝව රුපියල් 5 කින් අඩුකිරීමට තමන් ඇතුළු ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයින් තීරණය කල බව අරලිය සහල් සමාගමේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

දැනට ඇති සහල් තොග මිල ගණන් කිසි ලෙසකින් වැඩි නොකරන බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඩඞ්ලි සරිසේන මහතා ජනාදීපති මෛත‍්‍රිපාල සිරිසනේ මසහතාගේ සහෝදරයා වෙයි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී වත්මන් ඇමති එස්.බී. දිසානායක විසින් ඩඞ්ලි සිරිසේන හදුන්වනු ලැබුවේ ‘හාල් රාජා’ යන නමිනි.