අක්ෂි කාච සහ හෘද ප‍්‍රතිකාර සඳහා ස්ටෙන්ස් ලබාගැනීමට රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගෙන් වෛද්‍යවරුන් විසින් මුදල් අයකර ගැනීම තහනම් වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
ඒ සඳහා වූ චක‍්‍රලේඛයක් ද නිකුත් කරන ලෙස අමාත්‍යවරයා විසින් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටියට ඊයේ (11) උපදෙස් දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
රජය විසින් නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් මුදලට අලෙවි කරන සමාගම්වල නියෝජිතයින් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය ඉදිරිපිට නිතර ගැවසෙන බවට පැමිණිලි ලැබී තිබෙනවා.
ඒ පිළිබඳව ද විමසා බැලු අමාත්‍ය රාජිත සේනාරත්න ජාතික රෝහලට උපදෙස් ලබාදුන්නේ එවැනි සමාගම් නියෝජිතයින්ට හෘද රෝග ඒකකයට ඇතුළු වීම තහනම් කරන ලෙසයි.
මේ අතර හෘද රෝගීන් සඳහා නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් මේ වන විට ප‍්‍රමාණවත් තරම් ඇතත් ඒ සඳහා භාවිත කරන වෑල්ස්වල හිඟයක් පවතින බවද අමාත්‍ය රාජිත සේනාරත්න වෙත වාර්තා වී තිබෙනවා.
ඒ අනුව එම වෑල්ස් කඩිනමින් ආනයනය කිරීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදුන්නේ.
Jan 12, 2017
සෞඛ්‍ය ඇමති තවත් තහනමක් පනවයි
Tags
# Enghish News
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
hot news,
Sinhala News
