තරුණ පරපුරට සහ දරුවන්ට අනාගතය බාර කරමින්, අලුත් චින්තනයක් දේශපාලනයට පිවිසීමට ඉඩ හසර වෙන් කිරීම වෙනුවෙන් තමා ඉක්‌මනින්ම දේශපාලනයෙන් සමුගන්නා බව ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
රටේ අනාගත නායකත්වය බාරදිය යුත්තේ දරුවන් සහ තරුණ පරපුරට කියමින් ඇතැම් දේශපාලකයන් පැවසුවත්, එම දේශපාලකයන් කිසි දිනක තම අසුන හැර නොයන බවද හෙතෙම සඳහන් කළේය.
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් සංවිධානය කළ ජනාධිපති දෙවර්ෂ පූර්ණ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති 1/2015 චක්‍රලේඛයට ප්‍රාකාරව පාසල් තුළ භාෂා ප්‍රවර්ධන කව පිහිටුවීම සම්බන්ධයෙන් ඉකුත් දා කොළඹ පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනට එක්‌වූ අමාත්‍යවරයා ඉහත අදහස් ප්‍රකාශ කර සිටියේය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්‌වූ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මෙසේද කීවේය.
"මේ රටේ අපි සිංහල වේවා, දෙමළ වේවා, මුස්‌ලිම් වේවා, බෞද්ධ වේවා, හින්දු වේවා, කතෝලික වේවා, ක්‍රිස්‌තියානි වේවා, ප්‍රශ්නයක් නැහැ. මවු භාෂාව දෙමළ වේවා, සිංහල වේවා, එසේත් නැත්නම් ඉංග්‍රීසි භාෂාව වේවා, ජාතිය සිංහල, දෙමළ, මුස්‌ලිම් වේවා නමුත් පළමු තැන දිය යුත්තේ අපේ රටටයි. ඒ ශ්‍රී ලාංකිකයින් හැටියට. ඒ නිසා ශ්‍රී ලංකා කියන අපේ අනන්‍යතාවය මත තමයි අපේ ජාතිය තියෙන්නේ, අපේ ආගම තියෙන්නේ, අපේ භාෂාව තියෙන්නේ. ඒ නිසා පසුගිය කාලයේදී අපි මොකද? කළේ, ශ්‍රී ලංකික කම දෙවනියට, තුන් වෙනියට දාලා පළමු තැන දෙන්න හැදුවා අපේ භාෂාවට, ජාතියට හා ආගමට. එතනයි අපි වරද්ද ගත්තේ. ඇතැම් පිරිස් දේශයට, රටට තැන දුන්නේ නැහැ. කෙසේ වෙතත් දැන් මේ රටේ භාෂා තුනක් තියෙනවා. එය ව්‍යවස්‌ථාවෙත් තියෙනවා. සිංහල සහ දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව. එමෙන්ම බෞද්ධ, හින්දු, ඉස්‌ලාම් සහ කතෝලික කියලා ආගම් හතරක් තියෙනවා. ජාතීන් ගැන කතා කළොත් සාමාන්‍යයෙන් අපි කියන්නේ සිංහල, දෙමළ, මුස්‌ලිම් මෙන්ම සමහරක් විටකදී මැලේ කියලත් කියනවා. නමුත් මගේ අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙලා තියෙන විදියට අපේ රටේ ජාතීන් සහ ජන වර්ග දහ නවයක් සිටිනවා. පුත්තලම පැත්තේ අප්‍රිකානු සම්භවයක් තියෙන උදවියත් ජීවත් වෙනවා. වැද්දන් සිටිනවා. එය වර්ග දෙකක්. කැලෑ වැද්දෝ සහ මුහුදු වැද්දෝ. මලයාලම් සහ තෙලිඟු ජනතාවද සිටිනවා. ලන්දේසීන් වර්ග තුනක් සිටිනවා. ඒ වගේ මේ රටේ විවිධ භාෂා කතා කරන ජන වර්ග දහ නවයක් ඉන්නවා. මේ විදියට විවිධ භාෂා කතා කිරීම ලස්‌සනයි, වර්ණවත්. ඒ විවිධත්වය තමයි අපේ ශක්‌තිය වන්නේ".
Jan 21, 2017
ඉක්මණින් දේශපාලනයෙන් සමුගන්නවා
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
