මාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර ඇකඩමියක්! - Neth News Blog

Jan 21, 2017

මාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර ඇකඩමියක්!

ජනමාධ්‍යවේදීන් සඳහා ජාත්‍යන්තර ඇකඩමියක් ආරම්භ කිරීමේ සැළසුම සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මාධ්‍යවේදීන් හා මාධ්‍ය මර්දනය පිළිබඳ පැවති කලුපැල්ලම ඉවත් කිරීමට යහපාලන රජයට හැකිවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනමාධ්‍යවේදීන්ට පුහුණු පාඨමාලා සඳහා මූල්‍යාධාර සැපයීමේ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මේ බව පැවසීය.
වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපනයට සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙහිදී ජනමාධ්‍යවේදීන් 60දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව පිරිනැමිණි.