ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ මාෆියාවක් සිදු වෙමින් පවතින බව තමන් පිළිගන්නා බවත්, එකී අක්‍රමිකතාවයන් කඩිනමින් විමර්ශනයට ලක් කරන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පැවති ආණ්ඩුව සමයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ මහා පරිමාණ අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව් කිරීම් හා විමර්ශනයන් සිදුකරන බවද ඒ මහතා කියා සිටියේය.
එපමණක් නොව දින 100 ආණ්ඩුව තුළ නිකුත් වූ වැලි අමුණ වාර්තාව මගින් පෙන්වා දුන් චෝදනා යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ව්‍යුහය තුළ පසුගිය කාලයේ යම් යම් මාෆියාවන් ඇති බවට තොරතුරු අණාවරණය වුවුද එකී අක්‍රමිකතාවයන් පිළිබඳව සොයා බලා නිසි ක්‍රියාමාර්ගයන් ගැනීමට තමාට නොහැකිවීම පිළිබඳව තමා කණගාටු වන බවද ඒ මහතා පැවසීය.
කෙසේ වුවුද මෙවැනි මාෆියාවන් සෑම ආයතනයන් තුළම සිදු වන බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ මෙවැනි තත්ත්වයන්ට තමන් දැඩිව විරුද්ධ බවත්, එවැනි සිද්ධීන් හා පුද්ගලයින් සොයා ඔවුන්ට නිසි දඩුවම් ලබා දෙන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන්සේවය ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම අනුව ඊට උනන්දුව දක්වන ලද සමාගම් 9 ක් අතුරින් මේ වන විට සමාගම් 3 ක් අවසාන වටයට තෝරාගෙන ඇති බවද රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.
කෙසේ වෙතත් තෝරා ගන්නා ලද සමාගම් තුන අතුරින් එකඳු සමාගමකට හෝ ජාත්‍යන්තර ගුවන්සේවයක් නඩත්තු කිරීමේ අත්දැකීම් නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
අදාළ සමාගමට දෙනු ලබන හිමිකමේ ප්‍රතිශතය කෙසේ වෙතත් මෙම ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම යටතේ රජය බලාපොරොත්තු වන්නේ හිමිකම් ආයෝජනයක් සිදුකරන සහකරුවෙකු (EQUITY PARTNER) බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රීලංකන් ගුවන්සේවය සඳහා මේ වන විට උනන්දුව පළ කර ඇති සමාගම් අතුරින් අවසාන තේරීම් ත්‍රිත්වයට පැමිණ ඇති සමාගම් වනුයේ Peace Air (Private) Limited, ඇමරිකානු සමාගමක් වන TPG සහ Super Group Partners නම් මාලදිවයිනේ සමාගමක් බව ඒ මහතා පෙන්වා දුනි.
මේ අතර පසුගිය දා වත්මන් ආණ්ඩුවේ දූෂිත අමාත්‍යවරුන් නම් කරමින් ඒකාබද්ධ විපක්ෂය සකස් කරන ටොප්ටෙන් ලැයිස්තුවේ හයවැන්නා ලෙස තමාවද නම්කර තිබූ බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ එය පදනම් විරහිත චෝදනාවක් බවයි.
අමාත්‍යවරයා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ජනතාව නොමඟ යැවීමේ අරමුණින් තමන්ට එරෙහිව මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කළ බවයි.
Jan 21, 2017
Home
Enghish News
Gossip King
hot news
Sinhala News
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අක්‍රමිකතාවයක් – ඇමති පිළිගනී
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අක්‍රමිකතාවයක් – ඇමති පිළිගනී
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
