අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වසර විස්සකට ප්‍රථම ප්‍රතික්ෂේප කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම යළි ගෙනඒමට උත්සාහ කරන බවත් එකල තමා පැවසූ දේ අගමැතිවරයා වර්තමානයේ ප්‍රකාශ කරන බවත් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනි, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසූයේ ඊයේ (10) ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙම වසර විස්ස පුරාවටම සිදුවූයේ රට විනාශයට පත්වීම බවද එකල නව ව්‍යවස්ථාවට සහයෝගය නොදීමෙන් වරදක් කළ බවට එක්සත් ජාතික පක්ෂයේ බොහෝමයක් මේවනවිට පිළිගෙන ඇති අතර, පමා වී හෝ වරද පිළිගැනීම යහපත් දෙයක් බවද හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙහිදී පැවසුවාය.
“එදා එපා කියපු ව්‍යවස්ථාව තමයි දැන් රනිල් වික්‍රමසිංහ ගේන්න හදන්නේ. එදා එපා කිව්වෙ අපේ පක්ෂය නැවත දිනයි කියලා බයට. මම තව ටික කාලයක් ජනාධිපතිවෙලා ඉඳියි කියන බයට. අන්තිමට එයාලව බලයට ගේන්නත් මම උදවු කරලා, අගමැතිත් කරලා තවත් අය ජනාධිපතිත් කළා. දැන් එයාලා එදා මම කියපු දේ කියනවා. ඒ කාලය පුරාවට අවුරුදු 20 ක් තිස්සේ රට විනාශයට පත්වුණා. දැන් එක්සත් ජාතික පක්ෂයේ බහුතරය පිළිගන්නවා එදා ඒකට සහයෝගය දුන්නානම් බොහොම හොඳයි කියලා. ඒ වැරැද්ද දැන් පිළිගන්නවා. දැන්වත් පිළිගන්නඑක ලොකු දෙයක්.“
උසස් අධ්‍යාපනය තුළින් ජාතික සමගිය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒකාබද්ධව සංහිඳියා ජාතික සැලැස්මක් එළිදැක්වීම මෙහිදී සිදුකෙරිණි.
Jan 11, 2017
Home
Enghish News
Gossip King
hot news
Sinhala News
එජාපය වරද පිළිගත්තා - චන්ද්‍රිකාගෙන් රනිල්ට දෝස්මුරයක්
එජාපය වරද පිළිගත්තා - චන්ද්‍රිකාගෙන් රනිල්ට දෝස්මුරයක්
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
