රකෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සිය නිවසින් ආහාර ලබාදීමට අවසර ඉල්ලා තිඛෙනවා.
බන්ධනාගාර ආරංචි පැවසුවේ මන්ත්‍රීවරයාගේ බිරිද මැගසින් බන්ධනාගාරයෙන් ඊට ලිඛිතව අවසර ඉල්ලා ඇති බවයි.
එම ඉල්ලීම අනුව විමල් වීරවංශට අද දහවල් සිට නිවසින් රැගෙන එන ආහාර ලබා ගැනීමට අවසර හිමි වනවා.
මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීමට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකුද පෙරවරුවේ මැගසින් බන්ධනාගාරයට පැමිණි බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඊයේ රකෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ වනවිට කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ සිර මැදිරියක වෙනම රදවා සිටිනවා.
පාර්ලිමේන්තු මන්තී්‍ර විමල් වීරවංශ ජනවාරි 24 වනදා තෙක් රකෂිත බන්ධනාගාරගත කෙරුණේ රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේයි.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට කුළි පදනම යටතේ ලබාගත් වාහන 40 ක් දේශපාලන සහ පෞද්ගලික කටයුතුවලට යොදාගෙන රජයට රුපියල් මිලියන 91 ක මුදලක් පාඩු කළ බවටයි මන්තී්‍රවරයාට චෝදනා එල්ල වුණේ.
Jan 11, 2017
විමල්ගේ බිරිඳගෙන් ඉල්ලීමක්
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
