පෙම්වතිය බියට පත්කරන්න පාසල් ප්‍රේමවන්තයා පන්ති කාමරයේදී කරපු දේ - Neth News Blog

Jan 20, 2017

පෙම්වතිය බියට පත්කරන්න පාසල් ප්‍රේමවන්තයා පන්ති කාමරයේදී කරපු දේ

සිය පෙම්වතිය බිය ගැන්වීම සදහා ගෙළ වැළලා ගැනීමට උත්සාහ කළ දඹුල්ල ප්‍රදේශයේ ප්‍රධාන රජයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවෙකු ගෙළ සිරවී තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

සිය පෙම්වතිය සමඟ ඇතිවු ආරවුලක් හේතුවෙන් ඔහු මෙලෙස ගෙළ වැලලා ගැනීමට උත්සාහ කර ඇති බව සඳහන්.

පන්ති කාමරයේ තිබූ බාල්කයේ එල්ලීමට ඔහු උත්සාහ දරා ඇති අතර, අනෙක් සිසුන් විසින් සිසුවා බේරාගනු ලැබූයේ ඔහුගේ ගෙළ සිරවීම හේතුවෙන්.
අනතුරුව සිසුවා සීගිරිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලිසිය සඳහන් කළේ.