තමන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන 5.5 ක මුදලක් යෝජනා කරන බව පීස් එයාර් ගුවන් සමාගම පවසයි.
එම සමාගමේ සභාපති ගාමිණී වෙත්තසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ මත්තල ගුවන්තොටුපොළේ කොටස් මිලදී ගැනීම වෙනුවෙන් ඩොලර් බිලියන 2.2 ක මුදලක් ආයෝජනයට සූදානම් බවයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
ගාමිණී හර්මන් වෙත්තසිංහ මහතා සඳහන් කර සිටියේ
” අපි අමෙරිකානු ඩොලර් බිලියන 5.5 ක මුදලක් අයෝජනය කිරිමට සූදානම්, ලුෆ්තන්සා සමාගමද අප සමග සිටිනවා. ඔබ දන්නවාද ශ්‍රී ලංකන් සමාගම වාර්ෂිකව මිලියන 5 කට ආසන්න මගීන් ප්‍රමාණයක් ප්‍රවාහනය කරන බව, ඒ වගේම ඩොලර් බිලියනක මුදලක් උපයනවා.සමාගමේ සිටින 7,000 කට ආසන්න වෘත්තිකයින් ඩොලර් මිලියන දහස් ගණනක් මේ රටට උපයාදෙනු ලබනවා. ශ්‍රී ලංකන් ලාභ උපයන සමාගමක් නමුත් මෙය පවත්වාගෙන යන පිරිස් තමයි මුදල් අවභාවිතා කරන්නේ ”
මිහින් ලංකා ගුවන් සමාගම වෙනම ගුවන්සේවයක් ලෙස පවත්වාගෙන යාම සහ එම සමාගමේ සෙවකයින්ගේ රුකියා සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළවුණි.
එහිදී ඒ මහතා කියා සිටියේ,
” මිහින් ලංකා සමාගමේ 400 කට ආසන්න පිරිසකට රැකියා අහිමිකළා. මේ පිරිස් කොහේද යන්නේ? ඔවුන් ඒ පිළිබදව දැනුම් සහිත පුද්ගලයින් මේ රැකියාව හැර ඔවුන්ට වෙන දෙයක් නැහැ. ඒ නිසයි මම ඔවුන් වෙනුවෙන් සටන් කරන්නේ. මම ඔවුන්ට නැවත රැකියා දෙනවා. නැවතත් මිහින් ගුවන් සමාගම පවත්වාගෙන යනවා.
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඉහළ තනතුරු වෙනසක් සිදුකිරිමටද පීස් එයාර් සමාගම සූදානම් බවද මෙහිදී ඒ සමතා සඳහන් කළේය,
” අපිට 70% ක ප්‍රතිශතයක් හිමිවුවහොත් අපි පිටුපසට වී සිටින්නේ නහැ.අපි තමයි පරිපාලනය සිදුකරන්නේ. සුදුසු පුද්ගලයාට නිසි තැන ලබාදෙන්න අපි දන්නවා මම ඔවුන් සමග සාකච්ඡා කල විට ඔවුන්ට කල හැකි දෑ මට දැනගත හැකියි. මගේ සහෝදරයා, මව හෝ වෙනත් කෙනෙක් මීට අනුයුක්ත කර මෙය කරගෙන යන්න බැහැ. වර්තමානයේ ශ්‍රී ලංකන් විධායක නිලධාරියා A380 ගුවන් නියමුවෙක්. ඔහු ඉතා හොද පුද්ගලයෙක්. නමුත් ඔහුට ලබා දී තිබෙන්නේ වැරදි තනතුරක් ” යැයි ඒ මහතා කියා සිටියේය.
Jan 20, 2017
ශ්‍රී ලංකන් විකුණන්න මිල නියම වෙයි
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
