පසුගිය සතියේදී ආර්ථිකයේ විශාල වශයෙන් වෙනසක් ඇති කිරීමට හැකිවූ බවත්, ත්‍රිකුණාමලය වරායේ යෝජනාවලට ඉන්දියාවේ සහ ජපානයේ ආයෝජනයන් ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද (13) අරලියගහ මන්දිරයේ දී පැවති රාජ්‍ය කළමනාකාර සහකාර තුන්වන ශ්‍රේණිය සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එසේම ඉන්දියාව සමඟ මෙන්ම සිංගප්පූරුව වැනි සෙසු රටවල් සමඟද ආයෝජන සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා පවත්වන බවත් ඉදිරි අවුරුදු කිහිපය තුළ ආර්ථික න්‍යාය පත්‍රයක් ගෙන ඒමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
“අපි ඉස්සර පාන් 2ක් ගන්න පෝළිමේ ගිහාම වාසනාවන්ත අයට තමා පාන් ලැබුණෙ. අනිත් අයට හම්බුනේ ගුල්ලෝ. මට වාහනයක් තිබුණා. ඒකට රෝද 4ක් තිබුණා. නමුත් අපිට ලැබුණෙ රෝද 2ක් විතරයි. රජය හැමදේම පාලනය කළොත් කිසිම දියුණුවක් වෙන්නෙ නැහැ. වාහනේ වුණත් ඇක්සිලේටරයයි බ්‍රේක් එකයි දෙකම එකට ගෙනියන්න බැහැ. එකක් අතහරින්න වෙනවා.
ආණ්ඩුවට සල්ලි නෑ. පහුගිය කාලේ දේශීය ආයෝජකයන්ට සල්ලි තිබුණෙත් නැහැ. ඒ නිසා තමා අපි විදේශීය ආයෝජකයෝ ගෙනාවේ. කටුනායක ආයෝජනයත් එක්ක ආයෝජනය සම්බන්ධයෙන් චීනයේ විශාල වශයෙන් පෙරළියක් වුණා. යල් පැනපු අදහසවලින් මේ දේවල් දියුණු කරන්න බැහැ.
රජයට හැමදේම පාලනය කරන්න බැහැ. අපිට එකඟතාවක් තියෙන්න ඕනෙ. පක්ෂ ගණනාවක් එකතු වෙලා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා තමා අපි ඒ දේ පළමු වතාවට කළේ. දෙවැනි පියවර විදිහට අපි ආණ්ඩුවක් කෙරුවා ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා. ඊළඟ ඡන්දෙදි අපි වෙන වෙනම තරඟ කරනවා. එතකොට ජනතාව තීරණය කරයි කවුද ඉන්න ඕනෙ කවුද යන්න ඕනෙ කියලා.
චීනය වියට්නාමය වගේ අපේ රටවල්වලට යන්න බැහැ. එයාලගේ ප්‍රතිපත්තිත් එකයි රජයත් එකයි. අපි ප්‍රතිපත්ති තියාගෙන අනිත් ඒවා වෙනස් කරන්න ඕනෙ. චීනය වියට්නාමය වගේ අපිට දෙකම එකට තියාගෙන යන්න බැහැ. පක්ෂ දෙකක් එකට වැඩ කිරීමත් ලෙහෙසි නැහැ.
ගිය සතියේ ආර්ථිකේ විශාල වශයෙන් වෙනසක් ඇති කරන්න පුළුවන් වුණා. ත්‍රිකුණාමලය වරාය සම්බන්ධ යෝජනාවලට ඉන්දියාවේ සහ ජපානයේ ආයෝජන අපි ගේනවා. ඉන්දියාව එක්ක වගේම සිංගප්පූරුව වගේ අනිත් රටවල් එක්කත් අපි ආයෝජන ගැන කතා කරනවා. ඊළඟ අවුරුදු කිහිපය තුළ අපි ආර්ථික න්‍යාය පත්‍රයක් ගේනවා. “ යැයි වැඩිදුරටත් පැවසීය.
Jan 13, 2017
Home
Enghish News
Gossip King
hot news
Sinhala News
ආණ්ඩුවට සල්ලි නෑ- වාසනාවන්තයින්ට පාන් අනිත් අයට ගුල්ලෝ
ආණ්ඩුවට සල්ලි නෑ- වාසනාවන්තයින්ට පාන් අනිත් අයට ගුල්ලෝ
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
