සම්බන්ධන් සද්ද නැතුව රත්නසිරිගෙ ගෙදරට යයි - Neth News Blog

Jan 13, 2017

සම්බන්ධන් සද්ද නැතුව රත්නසිරිගෙ ගෙදරට යයි

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පදිංචිව සිටි කොළඹ 07 අධිආරක්ෂිත කලාපයේ පිහිටි නිල නිවාසය විපක්ෂ නායක හා දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා වෙත ලබාදී තිබේ.

මේ නිලනිවාසය ප්‍රධානය කර ඇත්තේ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මැදිහත්වීමෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසිනි.

විපක්ෂ නායකවරයාගේ වයසට හා තනතුරට අනුව ජීවත්වීමට ඔහුට නිල නිවාසයක් ලැබී ඇති බවත්, එහි ඇති සුළු අඩුපාඩු පිළිසකරකරගනිමින් ඔහු එහි පදිංචි වනු ඇතැයි දෙමළ ජාතික සංධානය කියා සිටී.
කෙසේවුවද, සම්බන්ධන් මහතාට නිල නිවසක් හිමිවූයේ විපක්ෂ නායකත්වයට පත්වී වසර එකහමාරකට පසුව වීම කනගාටුදායක තත්ත්වයකි.

මේ නිවස හිමිවනතුරු ඒ මහතා සිටියේ කොළඹ සමිට් නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලේ කුඩා නිවසකය.