ඉන්දීය කණ්ඩායමේ සීමිත පන්දුවාර නායක මහෙන්ද්‍ර සිං දෝනි එම ධුරයෙන් ඉවත්ව තිබෙනවා. ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි20 තරගාවලියට පෙරාතුව ඔහු මෙසේ නායකත්වයෙන් සමුගෙන තිබේ. දෝනි 2014 වසරේදී ටෙස්ට් ක්‍රීඩාවෙන්ද සමුගත්තේය.
කෙසේ වෙතත් ඔහු ඉදිරියටත් කඩුලු රකින්නෙකු හා පිතිකරුවෙකු ලෙස සිය දායකත්වය ඉන්දීය කණ්ඩායමට ලබාදීමට නියමිතය. මේ වන විට ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරණ විරාත් කෝලි එක්දින හා විස්සයි20 නායකයා වශයෙන් පත්වීමට වැඩි ඉඩක් තිබෙන බව ඉන්දීය වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
2007 වසරේදී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස දෝනි පත්වූ අතර ඔහු 2011 එක්දින ලෝක කුසලානය, 2007 විස්සයි20 ලෝක කුසලානය හා 2013 ශූරයන්ගේ කුසලානය ඉන්දීයාවට හිමිකර දීමට කටයුතු කළේය.
එක්දින තරග 199කදී ඉන්දියාව මෙහෙයවා ඇති දෝනි ඉන් තරග 110ක්ද ජයගෙන ඇති අතර විස්සයි20 තරග 72කදී ඉන්දියාවට ජයග්‍රහණ 41ක් හිමිකර දී ඇත. නායකයෙකු ලෙස එක්දින තරග 6633ක් රැස්කරගෙන ඇති දෝනිගේ එහි සාමාන්‍ය 54ක් ලෙස දැක්වෙයි.
Jan 5, 2017
දෝනි නායකත්වයට සමුදෙයි
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
