ඇමති ෆයිසර්ට විශ්වාසභංගයක් - Neth News Blog

Jan 4, 2017

ඇමති ෆයිසර්ට විශ්වාසභංගයක්

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට විරුද්ධව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

එම විශ්වාසභංග යෝජනාවක් කතානායක කරු ජයසූරිය මහතාට අද හෙටම බාරදීමට නියමිත බව වාර්තා වේ.
ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා අද පළාත් පාලන මැතිවරණය හිතාමතාම කල් දමන බව ඔප්පූ වී ඇති බවත් සීමා නිර්ණය වාර්තාව අදින්න කියලා ඇමැතිතුමා ප්‍රකාශ කර ඇති බවට එම කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.