බැඳුම්කර වංචාව සම්බන්ධ සියල්ල හෙළි කරනවා - Neth News Blog

Jan 13, 2017

බැඳුම්කර වංචාව සම්බන්ධ සියල්ල හෙළි කරනවා

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මේ මස 24 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදී සිද්ධියට අදාළ සියලුම කරුණු හෙළිකරන බව කෝප් කමිටු සාමාජික අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

බැඳුම්කර සිද්ධිය නිසා අවභාවිත වී තිබෙන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ මුදල් බවත්, මේ නිසා එයට පක්ෂව දේශපාලනඥයන් කටයුතු කළ නොහැකි බවත්, එසේ වුවහොත් ඔවුන්ගේ අදාළ සිද්ධියේ කොටස්කරුවන් වන බවද පවසා සිටියේය.බැඳුම්කර සිද්ධිය වෙනුවෙන් පෙනී සිටින සියලුම දෙනා මඩේ තව තවත් එරෙන බවත්, එහෙත් මෙම සිද්ධියට සම්බන්ධ පිරිස්වලට දඬුවම් ලබාදෙනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස සටන දිගටම ගෙනයන බවද අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.
මෙම සිද්ධියට සම්බන්ධ කිසිවෙකුටත් ගැලවී යා නොහැකි බවත්, ඔවුන් සියලු දෙනාටම දඬුවම් ලැබිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.