ගෝඨා කොළඹින් දේශපාලනයට.. එන මැතිවරණයේ ශ‍්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා..? - Neth News Blog

Jan 14, 2017

ගෝඨා කොළඹින් දේශපාලනයට.. එන මැතිවරණයේ ශ‍්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා..?

ශ‍්‍රීලනිප මැති ඇමතිවරඅන් පිරිසක් විසින් ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා දේශපාලනයට ගෙන ඒම සදහා වූ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කරමින් ඇත.

පසුගිය ආසන්න දින කිහිපයකදී මේ සම්බන්දයෙන් කොළඹදී සාකච්චා වට තිහිපයක්ම පැවැත්වී ඇති අතර ඉදිරි මහ මැතිවණයේදී අගමැති අපේක්‍ෂකයා ලෙස කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග කරන ලෙස හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට යෝජනා වී ඇත.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමගද සාකච්චා කිරීමට නියමිතය.

කෙසේ වෙතත් මේ දිනවල විදෙස් සංචාරයක නිරතව සිටින හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ක්‍රියාකාරී දේශපාලනයට එනවාද නැද්ද ගැන සංචාරය නිමවා යලි මෙරටට පැමිණිමෙන් පසු තීරණය කරනු ඇතැයිද දැනගන්නට ඇත.