මක්කම වන්දනාව සඳහා පිටත් කර යැවීමට අනුමත ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් මේ වනවිට ඉල්ලුම් කර තිබීමෙන් අර්බුදයකට මුහුණදී ඇතැයි තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතා පවසයි.
සෞදි රජයෙන් 2240ක හජ් කෝටාවක් ශ්‍රී ලංකාවට හිමිවන අතර මේ වසරේ අගෝස්තු මාසයේ මක්කම වන්දනා කිරීම සඳහා 12,000කට වැඩි පිරිසක් ඉල්ලුම් කර ඇත.
කෙසේ වුවද ආරක්ෂක හේතූන් සහ ඉදිකිරීම් කටයුතු සිදුවන බැවින් කෝටාව තවත් අඩු කරන බවට සෞදි රජය දැනට දැනුම් දී තිබෙන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
දැනට ලබාදෙන කෝටාව වැඩි කරගැනීම සඳහා ඉදිරි සති දෙකෙන් පසු තමන් සෞදි අරාබියට ගොස් එහි බලධාරීන් සමග සාකච්ඡා කරන බවද හෙතෙම සඳහන් කළේය.
දැනට ලියාපදිංචි වී ඇති පිරිසෙන් වැඩි කොටසක් හෝ හජ් වන්දනාවට යැවීමට හැකියාවක් තිබේදැයි මෙහිදී අවධානයට ලක්කරන බවද ඒ මහතා පැවසී ය.
මේ අතර සෞදි අරාබියේ මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ විශේෂ උපදේශක ආචාර්ය අබ්දුල් අසීස් බින් අබ්දුල්ලාහ් අල් අමර් මහතා ඇතුළු එරට විශේෂ දූත පිරිසක් මෙරටට පැමිණ තමන් මුණගැසුණු බවත් හජ් කෝටාව ගැන එහිදී සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
Jan 11, 2017
මක්කම වන්දනාව දැඩි අර්බුදයක
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
