ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ පරීක්ෂණය තවත් දැඩි කිරීමට සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් එරට පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියි.
සංක්‍රමණිකයන් ගේ මුවාවෙන් ඔස්ට්‍රේලියාවට ත්‍රස්තවාදීන් පැමිණීම වළක්වාලීම පිණීස මෙම පියවර අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසයි.
මෙහිදී සංක්‍රමණිකයන් ගේ ඔස්ට්‍රේලියානු වටිනාකම්, ඔස්ට්‍රේලියානු සමාජයත් සමඟ සම්බන්ධ වීමට ඇති හැකියාව, ස්වාධීන පුද්ගලයන්ගේ ඉංග්‍රීසි ඉගෙනීමට ඇති කැමැත්ත, ළමයින්ගේ අධ්‍යාපනය, රැකියා අපේක්ෂා සහ සුබ සාධන යැපීම් පිළිබඳ අවධානය යොමු කිරීමට රජය සූදානම් බවද ඔහු පැවසීය.
මේ වන විට ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ලබාදීමේ ආකාරයට සමාන මොඩලයක් සිය රටේ ද ක්‍රියාත්මක කිරීම කෙරෙහි ඔස්ට්‍රේලියාවේ අවධානය යොමුව ඇතැයිද පීටර් ඩටන් අමාත්‍යවරයා පවසා තිබේ.
ඔස්ට්‍රේලියාවේ 457 කාණ්ඩයේ වීසා ලාභීන්ගේ නියමිත රැකියාව නිම වීමෙන් පසුව ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට ලබා දී තිබෙන කාල සීමාව පසුගිය වසරේ නොවැම්බර්19 වැනි දා සිට සිට වෙනස් කරන්නට ද ඔස්ට්‍රේලියා රජය පසුගිය දා පියවර ගත්තේ ය. ඒ මෙතෙක් දින 90ක්ව පැවති එම කාලය දින 60ක් දක්වා අඩු කරමිනි.
මෙම නව නීතිය, පසුගිය වසරේ නොවැම්බර් 19 වන දායින් පසු 457 කාණ්ඩය යටතේ වීසා හිමිවන පුද්ගලයන් කෙරෙහි බලාත්මක වන බව ඔස්ට්‍රේලියාවේ ආගමනික කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් නිවේදනය කළේ ය.
Jan 9, 2017
Home
Enghish News
Gossip King
hot news
Sinhala News
ඔස්ට්‍රේලියා පුරවැසි පරීක්ෂණය තවත් දැඩි කිරීමට පියවර
ඔස්ට්‍රේලියා පුරවැසි පරීක්ෂණය තවත් දැඩි කිරීමට පියවර
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
