සල්ලි දීල විදුලිය ගන්න යයි - Neth News Blog

Jan 9, 2017

සල්ලි දීල විදුලිය ගන්න යයි

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති විදුලි ඉල්ලුම සැපයීම සඳහා හෝටල් සහ කර්මාන්ත ශාලා සතු විදුලි උත්පාදන යන්ත්‍රවලින් මෙගා වොට් 100ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇතැයි වාර්තාවේ.

එසේම හදිසි මිලදී ගැනීමක් ලෙස පෞද්ගලික ඩීසල් බලාගාරයකින් මෙගාවොට් 60ක් මිලදී ගැනීමටද සැලසුම් කර තිබේ.
ඒ අනුව මහා පරිමාණ හෝටල් හා කර්මාන්තශාලාවලින් මෙගාවොට් එකක් රුපියල් 36කටත්, පෞද්ගලික ඩීසල් බලාගාරයෙන් මෙගාවොට් එකක් රුපියල් 30කටත් මිලදීගැනීමේ සූදානමක් පවතී.