සනත් ජයසුරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක‍්‍රිකට් තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන පරිපාලනය අතර උද්ගතවී තිබූ ගැටුම්කාරී තත්ත්වය මේ වන විට සමතයකට පත්ව ඇති බව වාර්තා වේ.
ජයසුරිය මහතාගේ මෙම ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දැනුවත් කිරීමට ද පියවර ගත් අතර ඔහු තේරීම් කමිටු සභාපතිත්වයෙන් ඉවත් වීමට සූදානමින් සිට ඇත.
දකුණු අප‍්‍රිකානු සංචාරයේ සිට ජාතික කණ්ඩායමේ විදේශ තරග සංචාරවලදී තේරීම් කමිටු සාමාජිකයකු සහභාගි නොකිරීමට ගෙන ඇති තීරණය ගැටුම කරළියට පැමිණීමට ආසන්නතම හේතුව බව පැවසේ.
සනත් ජයසූරිය සහ ක‍්‍රිකට් බලධාරීන් අතර මේ පිළිබඳව පසුගිය සතියේ සාකච්ඡාවක් පැවැති බවද එහිදී දකුණු අප‍්‍රිකානු සංචාරයට තේරීම් කමිටු සාමාජිකයකු සහභාගි කරවීමට එකඟ වී ඇති බවද දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී ඔහු පැවසුවේ තේරීම් කමිටු සාමාජිකයාට ටෙස්ට් තරගාවලියේ අවසන් දින කීපයේ සිට එක්දින තරග දක්වා දකුණු අප‍්‍රිකාවට යෑමට අවස්ථාව ලබාදීමට තීරණය කළ බවය.
Jan 9, 2017
සනාගේ ගැටුම් අහවරයි, - ද. අප‍්‍රිකාවට යන්න අවසරයි
Tags
# Enghish News
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
hot news,
Sinhala News
