මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ධනාත්මක ආරම්භයක් ලබාගෙන ඇති බවත් එය ශ්‍රී ලංකාව ගත් නිර්භීත ක්‍රියාවක් වන බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
2017 නව වසර සඳහා එම සංවිධානය නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වේ. ලෝකයේ රටවල් 90 ක මානව හිමිකම් සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය නව වාර්තාව මගින් කරුණු දක්වා තිබේ.
මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ඒවායේ ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ප්‍රකාශ කිහිපයක් සිදුකර ඇත.
එම ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයකින් සිටින බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
නව රජය බලයට පත් වී ගත වූ කාල සීමාව තුළ සිදු වූ පැහැරගෙනයාම් සහ පහරදීම්වලට එරෙහි උද්ඝෝෂණ ඇතුළු සිද්ධීන් කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වී ඇති බවත් පොලිස් අත්අඩංගුවට පත් පුද්ගලයින්ට පහරදීම් සිදුව ඇති බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත.
මෙම කරුණු සම්බන්ධයෙන් ලක් රජය කඩිනමින් අවධානය යොමුකළ යුතුය යන්න එහි සඳහන් වේ.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී රජය ලබාදුන් පොරොන්දු පිළිබදවද අවධානය යොමු කළ යුතු බව එම වාර්තාවේ දැක්වෙයි.
රට තුළ නීතිය යහපත්ව පවත්වාගෙන යාමට කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
Jan 13, 2017
ලංකාවේ මානව හිමිකම් ගැන තවත් වාර්තාවක් එළියට
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
