ශ්‍රී ලංකාවේ ටින් මාළු ආනයනය 2015 වසරට සාපේක්ෂව 2016 වසරේ 16.2%කින් පහළ වැටී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 2016 වසරේ ප්‍රගතිය පිළිබඳව සිදුකරන ලද සමාලෝචන රැස්වීමේදී ඔහු මේ බව පවසා සිටියේය.
2016 වර්ෂයේ මෙරටට ආනයනය කරන ලද ටින් මාළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 29,994කි. 2015 වර්ෂයේ ආනයනය කරන ලද ටින් මාළු ප්‍රමාණය 49,016කි. මෙරටට ටින් මාළු ආනයනයෙන් 84.2% චීනයෙන් ආනයනය කර ඇත.
මෙරටදී ටින් මාළු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා මැකරල් මසුන් ජපානයෙන් ආනයනය කරන අතර 2016 වසරේ මෙරටට ආනයනය කරන ලද මැකරල් මසුන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2816කි. මෙසේ ආනයනය කරන ලද මසුන්ගේ ගුණාත්මක භාවය සහතික කිරීම සඳහා H.S සංකේතය ඔස්සේ මසුන් ආනයනය කිරීම තුළ ජපානයෙන් මාළු ආනයනය වර්ධනය වී ඇත.
2016 ටින් මාළු ආනයනයට රු.මි 7885ක් වැයවී ඇති අතර එය 2015 දී රු.මි 8619කි. ඒ අනුව 2015 සාපේක්ෂව 2016 වර්ෂයේ 8.5% ටින් මාළු ආනයනය පහළ ගොස් ඇත.
Jan 9, 2017
ටින් මාළු ආනයනය පහළ ගිය තරම
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
